Shiddat Title Track By Yohani SINHALA LYRICS


Singer : Yohani
Music/Lyrics: Manan Bhardwaj
Sinhala Lyrics by: Yasmika Saubhagya




Tujhko Banadun Main Apna Khuda
Aur Sajde Tere Kar Sakun
Mangu Dua Sath Hone Ki Tere
Kandhe Pe Sar Rakh Sakun

දෙවියන් කරගන්නට අවැසියි නුඹ මට
එවිට හැකියි මා හට නුඹව යැදීමට
යදී මා නුඹ හා එක්වන්නට තවත්
එවිට නුඹේ උරහිස මත මා හිස සතපන්නට

Dhaga Ik Bandhu Tujhko Mannat Banalu
Kagaz Pe Dil Ke Teri Surat Banalu
Chhute Kabhi Na Wo Aadat Banalu
Aa Shiddat Banalu Tujhe

මාගේ පොරොන්දු නුඹට හුයකින් ගැටගසන්නම්
නුඹ මා හදවතේ ඇඳෙන රුවින් දැකගන්නම්
නුඹ අත්නොහැරීම මා පුරුද්දක් කරගන්නම්
නුඹව මාගේ ජීවිතයේ අවැසිම දේ කරගන්නම්

Kismat Banlu Meri Chahat Banalu
Dil Se Main Mangu Ibadat Banalu
Chhute Kabhi Na Wo Adat Banalu
Aa Shiddat Banalu Tujhe

මාගේ ඉරනමත්, මාගේ ආදරයත්, නුඹම කරගන්නම්
මාගේ හදවතින් නුඹ හැම වරෙකම පතන්නම්
නුඹ අත්නොහැරීම මා පුරුද්දක් කරගන්නම්
නුඹව මාගේ ජීවිතයේ අවැසිම දේ කරගන්නම්

Kyun Ye Hade Hai Ye Kyun Sarhade Hai
Itne Hai Kyun Faslein
Manjil Teri Meri Jab Ek Hai To Kyun Hai Alag Raste

සීමා මායිම් කොහිද කියා දෙන්න
නුඹ මෙතරම් දුරස් ඇයි කියා කියා දෙන්න
දෛවයින් එක්වීනම්, පෙනෙන දුර මේ ඇයි දැයි කියා දෙන්න

Ishq Ki Aisi Kahavat Banalu
Pani Pe Likh Doon Likhawat Banalu
Gunje Sadda Wo Aahat Banalu
Aa Shiddat Banalu Tujhe

මතක තියෙන වදනක් නුඹ වෙනුවෙන් ලියා තබන්නම්
නිසල ජලය මත එය ලියා තබන්නම්
සැමවිට නද දෙන මිහිරි සංගීත භාණ්ඩයක් කරන්නම්
නුඹව මාගේ ජීවිතයේ අවැසිම දේ කරගන්නම්

Dil Ki Main Tujhko Sajawat Bana Loon
Kuch Bhi Na Bolun Muskurahat Bana Loon
Barse Khuda Ki Woh Barkat Bana Loon
Aa Shiddat Bana Loon Tujhe

නුඹ මා හදවතේ ඉහලම තැන රඳවාලන්නම්
හේතු සඟවා මුවඟට සිනා රැගෙන එන්නම්
දෙවියන්ගේ ආශීර්වාදයක් ලෙසට නුඹව සලකන්නම්
නුඹව මාගේ ජීවිතයේ අවැසිම දේ කරගන්නම්

Kismat Bana Loon Meri Chahat Bana Loon
Dil Se Main Mangoon Ibadat Bana Loon
Chhute Kabhi Na Wo Adat Bana Loon
Aa Shiddat Bana Loon Tujhe

මාගේ ඉරනමත්, මාගේ ආදරයත්, නුඹම කරගන්නම්
මාගේ හදවතින් නුඹ හැම වරෙකම පතන්නම්
නුඹ අත්නොහැරීම මා පුරුද්දක් කරගන්නම්
නුඹව මාගේ ජීවිතයේ අවැසිම දේ කරගන්නම්

Ye Khara Samandar Mera Gawah Hai
Ishq Hai Mera Ya Mera Gunah Hai
Tujhko Saza Aur Adalat Bana Loon
Aa Shiddat Bana Loon Tujhe

මේ සාගරය මා ආදරයේ සාක්ෂ්‍යය දරයි
නුඹ හා බැඳි ආදරය වරදක්දැයි නැතිදැයි එය දනී
දඬුවම හෝ නඩු සබයද නුඹටම භාර කරන්නම්
නුඹව මාගේ ජීවිතයේ අවැසිම දේ කරගන්නම්