BANJAARA Sinhala Lyrics | Ek Villain - 2014


Ek Villain - 2014
Singer: Mohd. Irfan
Lyrics & Composer: Mithoon
Sinhala Lyrics by: Yasmika Saubhagya

Download Sinhala Subtitle







Jise Zindagi Dhoondh Rahi Hai
Kya Ye Woh Makaam Mera Hai
Yahaan Chain Se Bas Ruk Jaoon
Kyun Dil Ye Mujhe Kehta Hai
Jazbaat Naye Se Mile Hain
Jaane Kya Asar Ye Hua Hai
Ek Aas Mili Phir Mujhko
Jo Qubool Kisi Ne Kiya Hai

මාගේ ඉරණම සොයන්නේ
මේ ඉරණමම ද?
මෙහි ජීවිතකාලයටම සැනසෙන්නට
ඇයි මාගේ හදවත එවැනි පැතුමක් පතන්නේ?
නවමු හැඟුම් ඇතිවුණි
නොදනිමි මා මෙය කුමක්ද කියා
නවමු බලාපොරොත්තුවක් ඇතිවුණි
අවසානයේදී කෙනෙකු විසින් මා භාරගන්නා ලදී

Haan... Kisi Shaayar Ki Ghazal
Jo De Rooh Ko Sukoon Ke Pal
Koi Mujhko, Yun Mila Hai
Jaise Banjaare Ko Ghar
Naye Mausam Ki Seher
Ya Sard Mein Dopahar
Koi Mujhko, Yun Mila Hai
Jaise Banjaare Ko Ghar

කවියෙකුගේ සුන්දර කවියක් මෙන්
මොහොතකට ආත්මයට සැනසීමක් වෙමින්
මට කෙනෙකු හමුවිය
සංචාරකයෙකුට නිවහනක් හමුවූ මෙන්
නව සෘතුවක උදෑසනක් මෙන්
හේමන්තයේ සන්ධ්‍යාවක් වෙමින්
මට කෙනෙකු හමුවිය
සංචාරකයෙකුට නිවහනක් හමුවූ මෙන්

Hmm… Mmm…
හ්ම්... ම්ම්...

Aaa... Aaaa...
ආ... ආ...

Jaise Koi Kinara, Deta Ho Sahara
Mujhe Woh Mila Kisi Mod Par
Koi Raat Ka Tara, Karta Ho Ujala
Waise Hi Roshan Kare Woh Shehar

සියල්ලන් හටම සුවයක් ගෙන එන්නා වූ වෙරළක් මෙන්
මට ඇයව යම් සන්ධිස්ථානයකදී හමු විය
රාත්‍රිය දිදුලවන තරුවක් වෙමින්
ඇය දිදුලවයි මුළු නඟරයම

Dard Mere Wo Bhula Hi Gaya
Kuch Aisa Asar Hua
Jeena Mujhe Phir Se Woh Sikha Raha…

වේදනාව අමතක කරළාලන්නට කියා දුනි
ධෛර්‍යක් වන්නට කියා දුනි
ජීවත් වීමට නැවතත් වරම් ලැබිණි

Hmm… Jaise Baarish Kar De Tarr
Ya Marham Dard Par
Koi Mujhko, Yun Mila Hai
Jaise Banjaare Ko Ghar
Naye Mausam Ki Seher
Ya Sard Mein Dopahar
Koi Mujhko, Yun Mila Hai
Jaise Banjaare Ko Ghar

වර්ෂාවෙන් සියල්ලක්ම තෙමන්නාක් මෙන් 
තුවාලයකට ඖෂධයක් මෙන්
මට කෙනෙකු හමුවිය
සංචාරකයෙකුට නිවහනක් හමුවූ මෙන්
නව සෘතුවක උදෑසනක් මෙන්
හේමන්තයේ සන්ධ්‍යාවක් වෙමින්
මට කෙනෙකු හමුවිය...
සංචාරකයෙකුට නිවහනක් හමුවූ මෙන්

Muskaata Yeh Chehra, Deta Hai Jo Pehra
Jaane Chhupata Kya Dil Ka Samandar
Auron Ko Toh Hardam, Saaya Deta Hai
Woh Dhoop Mein Hai Khada, Khud Magar
Chot Lagi Hai Usse Phir Kyun
Mehsoos Mujhe Ho Raha
Dil Tu Bata De Kya Hai Iraada Tera...

නුඹේ සිනහ මුසුවූ මුසුණ මා හට රැකවරණය ගෙන දෙයි
කිසිවකු නොදනී ඇයගේ හද පතුලේ සඟවා ඇති දෙය
ඇය සැමටම සෙවනක් සලසාලයි
හිරු කිරණට ද නිරාවරණය වෙමින්
ඇයට වේදනාවක් දැණුනු විටකදී
ඇයි මා හට ද එය දැනෙන්නේ?
නුඹට ඕනා දෙය පවසනු මැන හදවත!

Hmm… Main Parinda Besabar
Tha Uda Jo Darbadar
Koi Mujhko, Yun Mila Hai
Jaise Banjaare Ko Ghar
Naye Mausam Ki Seher
Ya Sard Mein Dopahar
Koi Mujhko, Yun Mila Hai
Jaise Banjaare Ko Ghar

මා සිටියේ අයාලේ යන පක්ෂියෙකු මෙනි
සෑම තැනකටම පියාසර කරන
මට කෙනෙකු හමු විය...
සංචාරකයෙකුට නිවහනක් හමුවූ මෙන්
නව සෘතුවක උදෑසනක් මෙන්
හේමන්තයේ සන්ධ්‍යාවක් වෙමින්
මට කෙනෙකු හමුවිය...
සංචාරකයෙකුට නිවහනක් හමුවූ මෙන්